නොර්වුඩ් ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන්කාරි තත්ත්වයක්

Share

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායිකාව සභා රැස්විමෙන් ඉවත් කරයි, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සිය විරෝධය දක්වයි. සභාව තුළ නොසන්සුන්කාරි තත්ත්වයක්.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ විශේෂ සභා රැස්විමක් අද(11) එම සභාවේ සභාපති කුලන්දවෙල් රවි මහතාගේ ප්‍රධානත්වයෙන් (ලංකා කම්කරු පක්ෂය) නොර්වුඩ් පුලියාවත්තේ පිහිටි නොර්වුඩ් ප්‍රාදේශිය සභාප්‍රධාන කාර්යයාලයේ රැස්විම් ශාලාවේ පැවැත්විය..

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභා වාර්තාවක් සභා සම්මත කර ගැනිම සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මෙම විශේෂ රැස්විම අද දින කැඳවා තිබුණි.

සභාව ආරම්භ විමත් සමගම නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායිකා ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි ජනනි ජානකි විජේවර්ධන මහත්මිය සභාව හමුවේ කියා සිටියේ සභා වාර්තාවක් සම්මත කර ගැනිමට නම් එම වාර්තාව දින හතරකට පෙර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වෙත ලැබිය යුතු බවයි.

අද දින කැදවු විශේෂ රැස්විමට අදාල වාර්තාවන් ඊයේ (10) දින ලැබුණු බවත්, එය කියවා අධ්‍යයනය කිරිමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා අද දින මෙම විශේෂ සභා වාරය පැවැත්විම නිතියානුකුල නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායිකාවගේ විරෝධය මධ්‍යයේ සභාපතිවරයා විසින් සභා වාර්තාව සභාගත කරන අවස්තාවේ එයට විරෝධය පෑ ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රිවරියව සභාවෙන් ඉවත් කිරිමට සභාපතිවරයා කටයුතු කළේය.

එහිදි සභාව තුළ නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ සිය විරෝධය මධ්‍යයේ සභා ශාලාවෙන් පිටතට පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරිය චෝදනා කර සිටියේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ව මර්ධනය කරමින් සභාව පවත්වාගෙන යන බවයි.

සභා රැස්විම් ශාලාවෙන් තමන්ව ඉවත් කිරිම සම්බන්ධයෙන් ඉදිරි නිතිමය පියවර ගන්නා බවද ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රිවරිය කියා සිටියේය.

මන්ත්‍රිවරියව සභා ශාලාවෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අප එම ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවෙල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සභාව තුළ විනයක් තිබිය යුතු බවත්, සභාව තුළ සභා නිතියට පටහැනිව කටයුතු කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියව සභා ශාලාවෙන් ඉවත් කිරිමට කටයුතු කල බවයි.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු ස්වධින මන්ත්‍රිවරයෙකු, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු ඇතුළු මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විතයි.

Read more

Local News