නිදන් වස්තු සොයා කැණීම් කළ 2ක් මාට්ටු

Share

පොළොන්නරුව ප්‍රදේශයේදී නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව පුරා වස්තු ආරක්ෂණ අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබු කැණිම් සඳහා උපයෝගි කර ගන්නා උපකරණද, පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 21 හැවිරිදි කාන්තාව හා 31 හැවිරිදි පුද්ගලයා කඩවත හා මින්නේරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

ඔවුන් අද(12) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News