දේශගුණික විපර්යාසයන්ට මුහණ දෙන්න ඇ.ඩාෙ. මිලියන 125ක ණයක්

Share

මෙරට දේශගුණික විපර්යාසයන්ට මුහණ දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළ කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ දකුණූ ආසියා කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් මහතා අමෙරිකාවේ වොෂිංටන් නුවරදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.

එමෙන්ම, පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේදයන් හා තාක්ෂණයන් වැඩි දියුණු කිරීම, කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම, වාරිමාර්ග පද්ධති පුනුරුත්ථාපනය කිරීම සහ ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපළවල් වෙත ප්‍රවේශ වීම වැඩි දියුණු කිරීම මඟින් කුඩා පරිමාණ කෘෂිකාර්මික වගාවන්හි ඵලදායීතාවය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණු වේ.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය සහය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පළාත් 6 ක් ආවරණය කරමින් පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, කිළිනොච්චි, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, ත්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක 11 ක වර්ග කිලෝ මීටර් 4,493ක් ආවරණය වන පරිදි එල්ලංගා පද්ධති 120 ක් ජලාශ 1215 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ.

Read more

Local News