අලුත් අවුරුදු උදාව අදයි

Share

ශක රාජ වර්ෂ 1941 වෙනි  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවෙයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම අලුත් අවුරුදු උදාව ලෙස හදුන්වනු ලබයි.

මෙවර අවුරුදු නැකැත් චාරිත්‍ර වලට අනුව අද(13) අපර භාග 2.09ට සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය අද දින පුර්ව භාග 7.45 සිට හෙට දින අපර භාග 8.33 දක්වා යෙදී ඇති බැවින් අද දින පූර්ව භාග 7.45ට පෙර ආහාර පාන ගෙන, සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල නිරත වීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

අප්‍රේල් මස 14 වන ඉරිදා එනම් හෙට දින අපර භාග 2.42 ට ආහාර පිසිමේ නැකත උදාවන අතර කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිහාව බලා, ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් සමඟ අග්ගලා සහ කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන්ය.

ගණුදෙනු කිරිම හා ආහාර අනුභව කිරීමේ නැකැත් චාරිත්‍රය අද අපර භාග 03.54ට යෙදී තිබේ.

රතු සහ කහ වර්ණ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී  නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදුකල යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන බදාදා දින පූර්ව භාග 07.40 ට යි.

පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරිම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

රැකි රක්ෂා සඳහා පිටත්ව යැමේ නැකත අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.52කට යෙදී ඇති අතර පලාවන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුබව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

Read more

Local News