ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සමෘද්ධි බැංකුවල කරන්න බැ

Share

අද (16) දිනයේ සියලු සමෘද්ධි බැංකුවල සේවකයින් සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේ දිවිනැගුම පනත මඟින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

මේ හේතුවෙන් අද දිනයේ අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සමෘද්ධි බැංකුවල සිදුකිරීමට නොහැකි වන බව චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේය.

Read more

Local News