ගෝඨාට අපි බය නෑ

Share

ජනාධිපතිවරණය නියමිත දිනට පෙර පැවැත්වීමට හැකියාවත් ඇත්නම් ඒ සඳහා බලය ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

එමෙන්ම ඉක්මනින් ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඊට මුහුණදීමට තම පක්ෂය සූදානම් බවද මන්ත්‍රීවරයා පවසයි.

කිරිඳිවැල මිල්ලතේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එයට තම පක්ෂයේ කිසිඳ බියක් නොමැති බවත් නමුත් ඔයු ඉදිරිපත් වන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය නීතියානුකුල ලෙස ඉවත් කර ගත යුතු බවද ඒ මහතා පවසයි.

තම පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨයක් තීරණයක් ගන්නා බවත් අපේක්ෂකයා නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂිකයෙකු විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන්නේ නම් එය වැදගත් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News