එජාපයේ ජනපති අපේක්ෂකත්වය රනිල්ටද, කරූටද ?

Share

සජිත් පේමදාස ඇමතිවරයා සහ තමා අතර පෞද්ගලික වාද විවාදයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට අවවාද කළේ යැයි පලවන පුවත් සත්‍යයෙන් තොර බව වීදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කිසිඳු ආකාරයෙන් තමන්ට එවැනි අවවාදයක් සිදු නොකළ බවත් වෙනත් අයෙකුට එවැනි අවවාද කළේ ද යන්න තමන් නොදන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) හබරණ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ දිනවල හබරණ දඹුල්ල සහ විවිධ ප්‍රදේශ වල විදුලිබල මන්ඩලය ස්ථාන පරීක්ෂා කිරීම සහ වෙහෙර විහාරස්ථාන කතෝලික පල්ලි සහ වෙනත් ආගමික ස්ථානවලට ගොස් ඒවායේ අඩුපාඩු සොයා බැලීමේ කාර්යයක නිරතව සිටිති.

මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයෙකුගේ දෙයක් නොවන බවද පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් හිමිවිය යුත්තේ ජේෂ්ඨයන්ට බවත් නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින බවද සඳහන් කළේය.

තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැනුම තිබුණද වයසින් මුහුකුරා යා යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

රටක් සංවර්ධනය කිරීම සඳහා වූ  කාර්යභාරය ඇස් බැන්දුම් වැඩවලට වඩා ඉහළ ගිය දැක්මක් බවත් ආර්ථිකය කළමනාකරණය කිරීම රැකියා උත්පාදනය කිරීම ආදී කරුණු රැසක් රටක් පාලනය කරන නායකයෙකුට තිබිය යුතු යැයි අමාත්‍යවරයා පවසයි.

Read more

Local News