සිදුවූ පිපිරීම් සිද්ධි විමර්ෂණයට විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක්

Share

ඊයේ (21)  දින දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතයි.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Read more

Local News