පොලිස්පතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි = ශ්‍රිලනිප

Share

රටේ ඇති වි තිබෙන තත්ත්වය හමුවේ පොලිස්පතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

අද (22)  පසවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා  මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට පුලිස්පතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍යතාවය තිබුනද 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එය සිදු කළ නොහැකි බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

විශේෂයෙන්ම ජානාධිපති ඝාතන කුමන්ත්‍රණය සිදු කළ පුද්ගලයන් සමඟ පොලිස්පතිවරයාගේ සමීප සම්බන්ධතාවයත් තිබු බවට සාක්ෂි ලැබි තිබුණය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එහිද පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතාද අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ බුද්ධි අංශ ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව සිදු කර ඇති බවත් නමුත් එය ක්‍රියා කියා කිරීමේදි යම් හිඩසක් තිබේන බවයි.

Read more

Local News