ආරක්ෂක ලේකම් කියන දේ මෙන්න

Share

තැන් තැන්වල ප්‍රහාර සිදුවන බවට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් මහා පරිමාණයේ සිදුවීමක් වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (22) විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේය.

මේ අතර බෝම්බ ප්‍රහාරවලට ලක්වූ දේවස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අදත් මහජන නියෝජිතයන් ඇතුළු බොහෝ දෙනකු එහි පැමිණියේය.

බෝම්බ පිපිරීමක් සිදුවූ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය වෙත පැමිණි මහා සංඝරත්නය සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අද එහි නිරීක්ෂණය කරනු ලැබුවේය.

එමෙන්ම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය නිරීක්ෂණය කළ අතර විදේශීය මාධ්‍යවේදියෙකු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කටුවාපිටියේ කතෝලික දේවස්ථානය නිරීක්ෂණය කිරීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලනඥින් කිහිපදෙනෙකු පැම්ණ තිබේ.

මේ අතර මඩකලපුව සියෝන් කතෝලික දේවස්ථානය අවට අදත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

එමෙන්ම කාදිනල් හිමිපාණන් බැහැදැකීම දැකීම සඳහා අද පෙරවරුවේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැමිණි අතර කොච්කඩේ දේවස්ථානය ප්‍රතිසංකරණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව ඇය පැවසීය.

Read more

Local News