රටේ ආරක්ෂාවක් නැහැ – වගකීම රජය බාර ගත යුතුයි

Share

මේ වන විට රටේ පවතින තත්ත්වය ඉතා ඉක්මනින් ‌වෙනස් ‌කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අද(23) උදෑසන ශ‍්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදින්ට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසිය.

“ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික ‌වෙලා. පාලනයක් නැහැ. එහෙ ‌මෙහෙ ‌බෝම්බ පුපුරනවා.‌

පොලිස්පතිතුමා වැඩ කරන්නේ රජය කියන විදියටනේ. ‌මේකේ වගකිම රජය භාර ගන්න ‌වෙනවා.

පුද්ගලයෙකුට වරද පටවනවන එක ‌නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. ඔහුට ‌දෙන උපදෙස් අනුවනේ කටයුතු කරන්නේ. ඔහුව ආරක්ෂක මණ්ඩලයට මාස ගානක් කැඳවලාත් නැහැලූ‍නේ.‌ මේ රජයයි ‌මේකට වගකිව යුතු

හරිම කණගාටුයි. මම කතාකරලා කිව්වා ‌මේ වගේ ප‍්‍රකාශ කරන්න එපා කියලා.‌මේ සිද්ධියේදි අපි සං‌වේදීව රජයට සහාය ලබා ‌දෙන්න සූදානම්. රජය අඩුපාඩු ‌පෙන්වාදිම අපේ වගකීමක්.

බුද්ධි අංශයේ ක‍්‍රියාත්මක වීම අඩපන කළා. විශේෂයෙන් යුද හමුදාවෙයි පලපුරුදු බුද්ධි අංශයක් ක‍්‍රියාත්මක වුනේ. 600ක් විතර හිටියා.

නමුත් ඒ අය අද ‌වෙනතුරු පාවිච්චි කළාද. සියලූ‍ බුද්ධි අංශ එකතු ‌වෙලයි එදා තින්දු ගත්තේ. එදා හැම අගහරුවාදාම හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ ඒ අයව කැදෙව්වා. ‌

තොරතුරු හුවමාරු කර ගත්තා. අද එවැනි තත්ත්වයක් නැහැ. බුද්ධි අංශය විනාශ කලා. භාගයක් එළියේ. ‌ගෝඨාගේ මිනිස්සු, මහින්ද ‌ගේ මිනිස්සු කියලා ඒ අයව  මාරු කළා.

දැන් ‌මොකක්ද ‌වෙලා තියෙන්නේ. ‌මේ ගැන අහන්න ‌හොදම ‌කෙනා ‌සරත් ‌පොන්සේකා මහත්තයා. එතුමාගේ යටතෙයි හමුදාව තිබුනේ. හමුදාවේ බුද්ධි අංශය ගැන එතුමාගෙන් ඇහුවොත් කියයි.

අනිවාර්යයෙන්ම. ‌හොටල් ඉලක්ක කිරීමෙන්ම ‌පේනවා ගැහුවේ රටේ ආර්ථිකයට කියලා. කවුද කළේ කියලා තාම කියන්නේ නැහැ. අද ‌වෙනතුරු හමුදාව පාවිච්චා කළාද. ‌බෝම්බයක් පුපුරන ‌කොට හමුදාව ‌ගෙන්වා ගන්නවාට වඩා බුද්ධිමත්ව ‌මෙහි අභ්‍යන්තරයට ගිහින් ‌මේ ගැන ‌හොයන්න.“

Read more

Local News