අනුරාධපුරේ කලහාකාරි ලෙස හැසිරුණු 13ක් රිමාන්ඩ්

Share

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කරන ලදි.

Read more

Local News