NTJ තවත් ප්‍රහාරයකට සැරසෙයිද ?

151

පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ බව පැවැසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

ඉන්දීය ද හින්දුස්තාන් පුවත් සේවය මේ බව වාර්තා කළේය. ජාතික තව්හීද් ජමාත් සංවිධානය ට සම්බන්ද බවට පැවැසෙන ජලාල් අල් කුයිටාල් නොහොත් රිල්වාන් මාර්සැග් මෙම ප්‍රහාරය දියත් කිරීමට ඉඩ ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබේ.

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා බව පැවැසෙන සහාරාන් හෂීම්ගෙන් පසුව ඔහුගේ ඥාති සහෝදරයෙකු බව පැවැසෙන නවුෆර් මවුලවි යන අය එහි නායකත්වයට  පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා කරයි.