ප්‍රහාරය නිසා උපන් දිනය දා අවසන් ගමන් ගිය පොලිස් නිලධාරියා

Share

පාස්කු ඉරිදා (21) සිදු වු පිපිරීම් වලදි ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනකුද මිය ගියේය.

ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වුහ.

එහිදී මියගිය එක් නිලධාරියෙක් වුයේ දඹුලුහල්මිල්ල වැව ප්‍රදේශයේ පදිංචි වී සිටි පොලිස් කොස්තාපල් ලහිරු උමේෂ දුලාංජන (82788 ) යන මහතායි.

ඊයේ රාත්‍රීයේ (22) ඔහුගේ  මුද්‍ර තැබු දේහය නිවෙසට රැගෙන එනු ලැබිය.

2011 වසරේ පොලිස් විශේස කාර්ය බලකායේ සේවයට එක්වූ ලහිරු  2016 වසරේදී සිදුවූ  අනතුරකින් පසු පාදයේ අබාධයක් හේතුවෙන් සේවයෙන් ඉවත්ව ඇත.

පසුව කාලයක් ඇගලුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර යලි පොලිස් සේවයට එක්ව කොළඹ අපරාධ  කොට්ඨාශයට අනුයුක්තව  සේවය කරමින් සිට තිබේ.

මියගිය ලහිරුට මස දහයක් වයසැති දියණියක්ද සිටියි .

මිය ගිය ලහිරුගේ 29 වෙනි උපන් දිනය යෙදී තිබුනේ අදයි(24).

තම උපන් දිනය තම දඟකාර සිඟිත්තිය හා බිරිඳ සමඟ සැමරීමට නිවාඩු ලබා පැමිනෙන් බව ඉෂාරාට දැනුම් දී තිබී ඇත. මිය ගිය ලහිරුගේ බිරිඳ පවසා ඇත්තේ දහවල් 12 .00 පමන තම සැමියාට දුරකතනයෙන් කතාකර ඇසු විට කිසිඳු කරදරයක් නොමැති බව පැවසු බවයි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මිය ගිය පොලිස් කොස්තාපල් ලහිරු උමේෂ්ගේ බිරිඳ,

“වැටලීමකට යන්න ඉන්නේ කිව්වා. ඊට පස්සේ  කතාකලත් එයා කථා කළේ නෑ

මගේ අයියලත් කතාකලත් දුරකත්යනයට පිළිතුරු ලැබුනේ නැහැ.

මාගේ ඥාතින් වන ආරක්ෂක අංශවල සිටින වෙනත් අයගෙන් තොරතුරු සොයා බැලුවා.

එහිදී දැනගන්න  ලැබුනා මගේ සැමියා තුවාල ලබා ප්‍රතිකාර ලබන බව.රෑ 7.30 විතර පොලිසියෙන් දැනුම්දුන්නා එයා මැරුණා කියලා.”

පොලිස් කොස්තාපල් ලහිරු උමේෂ්ගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ ඔහුගේ උපන්දිනය යෙදුනු අද දිනයේදීමය.්‍ර

Read more

Local News