පොලිස්පති වහාම තනතුර ගැන තීරණයක් ගත යුතුයි

Share

පසුගියදා සිදු වූ කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පිළිබඳ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැන සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එහෙත් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර නොමැති බවත්, මේ නිසා වහාම පොලිස්පතිවරයා තම තනතුර පිළිබඳ තීරණයත් ගත යුතු බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

බුද්ධි අංශ නිවැරදිව කටයුතු කර තිබෙන බවත්, එහෙත් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී අඩුපාඩුවක් සිදුව තිබෙන බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.

Read more

Local News