Tuesday, March 19, 2024.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ගැන JVP ය කියන දේ

Share

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බවද පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

21 වන දින සිදුවූ සංවේදී සිදුවීම යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීම පටු දේශපාලන උවමනාවක් සඳහා සිදුකරන දෙයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

Read more

Local News