මධූෂ් සමඟ සිටි තවත් පුද්ගලයෙක් පිටුවහල් කරයි

Share

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ තවත් එක් පුද්ගලයෙකු අද(24) අළුයම මෙරටට පැමිණ තිබේ.

යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔහු අද අළුයම 05.00ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අබුබකර් මොහොමඩ් බදිවුදීන් නමැති අයෙකු බව සඳහන්ය.

ඔහු 2002 වසරේ සිට නේවාසික වීසා මත ඩුබායි හි සිටන බවට අනාවරණය වී තිබේ.

සැකකරු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්කමේන්තු ඒකකයේ බාරයට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ඩුබායි සිට ඊයේ අළුයම මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටි තවත් සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත භාරදී තිබේ.

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කිහිප දෙනෙකු ඇතුලු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඝාතන කිරීමේ සිද්ධියට අවශ්‍ය සැකකරුවෙකු බැවින් ඔහු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාරදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව ගායක අමල් පෙරේරා ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ තවදුරටත් රඳවා සිටින බව සඳහන්ය.

Read more

Local News