ආත්ම ඝාතකයන් 87ක් ඉන්නවා – රතන හිමි

Share

ආත්ම ඝාතකයන් 87ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ. මෙම ඛේදවාචකය නවත්වා ගැනීමේ වගකීම මුස්ලිම් ජනතාව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

“පාරට බැස්සෝත් බිල්ලො වගේ පේනවා. විශ්වවිද්‍යාල වලත් ඒ තත්ත්වය තිබෙනවා. කාටවත් නීතිය අතට ගන්න දෙන්න බෑ.

මේ සඳහා නිවැරදි නායකත්වයක් ලබාදිය යුතුයි. ඉස්ලාම් ජාත්‍යන්තර පාසල් රාශියක් තිබෙනවා. මේවායේ උගන්වන දේවල් දන්නේ නෑ.

ආත්ම ඝාතකයන් 87ක් සිටින බවට සඳහන් වුණත් මේ සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකියි. මේ ආණ්ඩුව තව මාස හයයි තිබෙන්නේ. අපි අලුත් නායකයෙක් පත්කරගන්නවා”

Read more

Local News