ආගමික සංහිඳියාව අගයන්න – කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Share

ආගමික සංහිඳියාව අගයන්නැයි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රටවල් කිහිපයක මෙරට තානාපතිවරු,මහකොමසාරිස්වරු සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද(24) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිවසේදී පැවැත්වුණා.

හමුවෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන් මාධ්‍යයට අදහස් පළ කළමින් මේ බව කියා සිටියේය.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සියලු දෙනා ආගමික සංහිඳියාව අගය කරමින් තමන් ළඟ වෙනත් ආගමක් අදහන පුද්ගලයෙක් සිටී නම් ඒ කෙනාට ගරු කිරීමට පුරුදුවන ලෙසත් ඒ තුළින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙන බවත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අවාසනාවන්ත සිදු වීම් හේතුවෙන් කලබලයට පත්ව භේද බින්න වීම නොව රටට ආදරය කරන්නේ නම් සියලු දෙනා සමඟ එකතු වී ජීවත් විය යුතු බව ද රංජිත් හිමිපාණන් පැවසීය.

Read more

Local News