අර්ජුන නඩුවෙන් නිදහස්

Share

කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු නැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු මුදා හරින මෙන් ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට නියම කළේය.

Read more

Local News