වැඩබැරි ටාසන් ලා වැඩිවෙලා – සුදුස්සන්ට සුදුසු තැන දෙන්න

Share

රට තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්ථවාදීන් පරාජය කිරීම සඳහා ආණ්ඩුව මේ වන තෙක් ප්‍රමාණවත් පරිදි පියවර ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කටුවාපිටිය ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ කටාන කටුවාපිටිය කතෝලික දේවස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද(25) දහවල් එහි පැමිණියේය.

වසර 10 ක අතීත මතකට මෙම ප්‍රහාරය දුටු විට ඇඳී යන බවත්, මෙය භයානක තත්ත්වයක් බවත් පැවසු මන්ත්‍රීවරයා මේ වන විට ත්‍රස්ථවාදය අවසන් කිරීමට අවශ්‍ය වැඩසටහනකට යා යුතු බව ද පැවසීය.

විහිළු කරන්න පුළුවන් වෙලාවක් නොවන බව ද පැවසු මන්ත්‍රීවරයා, ආරක්ෂක ලේකම්ට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ නෑ ජනාධිපතිවරයාට එය සිදු කළ හැකි බව ද පැවසීය.

ජනාධිපතිවරයා තමා සමඟ මෙතෙක් කථා කර නොමැති බවත්, සුදුස්සන් හා හැකියාව ඇති අය ආරක්ෂක අංශයට පත් කිරිමෙන් මිසක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ජනපති හා අගමැති තීරණ ගත යුතු බවත් ඒ අයගේ තීරණ ප්‍රමාද වුවහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බව ද පැවසු ෆොන්සේකා මහතා, මෙවැනි සිදුවීම් දුටු විට වැඩබැරි ටාසන් ලා වැඩි වී ඇති බව ද සඳහන් කළේය.

බලතල නැතිව, නිසි සම්පත් නැතිව ක්‍රියාමාර්ග ගත නොහැකි බවත්, මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා හා තමා අතර සුසංයෝගයක් නැවත ඇති නොවන බවත් එවැනි දෙයක් සිදු වුවහොත් අවසානයේ තමා නැවත වරක් සිරගත කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

රට වෙනුවෙන් තමා සිරබත් කෑ බවත් එය තමාට පමණක් නොව සියලු දෙනා එසේ සිතිය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, අවම වශයෙන් වසර 2ක් හෝ කැපවීමෙන් ක්‍රියාත්මක වීමෙන් නැවත ආරක්ෂාව ඇති කර ගත හැකි බව ද පැවසීය.

Read more

Local News