ඉස්ලාමීය ප‍්‍රජාවගෙන් පාඨලී ඉල්ලීමක් කරයි

Share

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, එය IS ත‍්‍රස්තවාදයේ අංකුරයක් බවත්, ඒ පිළිබඳව ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සෘජූවම චෝදනා එල්ල වී ඇති බවත් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

අද(25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සුන්නි ප‍්‍රජාව අයත් වන ප‍්‍රධාන නිකායවල් 6ක් පවතී. ඉන් ප‍්‍රධාන නිකාය වන්නේ තබ්ලික් ජමාද් කණ්ඩායමයි. තරීකා, ජමාති ඉස්ලාමීය වැනි තවත් කණ්ඩායම් පවතින අතර තමිල්නාඩු සම්භවයක් සහිත වහාබි සම්ප‍්‍රදාය අනුගමනය කරන කුඩාම කණ්ඩායම ලෙස තවුහිද් ජමාද් සැලකේ.

මෑත කාලීනව නිර්මාණය වූ තවුහිද් ජමාද් කණ්ඩායම ආරම්භයත් සමඟින්ම යම් යම් ගැටුම් ඇතිවිණි. ඇතැම් ගැටුම් මිනිමැරීම් දක්වා පැතිර ගිය අතර එම ව්‍යාපාරය තවුහිද් ජමාද්, නැෂනල් තවුහිද් ජමාද්, ශ‍්‍රි ලංකා තවුහිද් ජමාද් සහ  ඕල් සිලොන් තවුහිද් ජමාද් ලෙස කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරයි.

ඇතැම් මුස්ලිම් නායකයෝ මේ ව්‍යසනය ගැන මීට පෙර ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා. ඒක හොඳ තත්ත්වයක් හැබැයි තවත් මුස්ලිම් නායකයෝ පිරිසක් මෙහෙම දෙයක් පිළිගන්න සුදානම් නැහැ.

වහාම ඒ තත්ත්වයෙන් මිදී රටේ ආරක්ෂක අංශවලටත් වඩා සක‍්‍රියව ඉදිරියට ආ යුත්තේ ඉස්ලාමීය ආගමික නායකයන් හා ඉස්ලාම් භක්තිකයන් බව ඇමති චම්පික අවධාරණය කර සිටී.

මේ තත්ත්වයන් සම්බන්ධ සුළු හෝ තොරතුරක් වනවා නම් ඒවා වහාම ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසත් දැනට තවුහිද් ජමාද් ව්‍යාපාරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන අනු ශාඛා 47 සහ එහි ක‍්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු අනාවරණය කරන ලෙසත් ඉස්ලාමීය ප‍්‍රජාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි.

ජමියතුල්ලා උලමා මෙන්ම ශූරා කවුන්සිලයට ද මේ වගකීමෙන් බැහැරව කටයුතු කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට වසර 20කට පෙර සිටිය මුස්ලිම් ප‍්‍රජාව මෙන්ම ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් දැන් සිටින මුස්ලිම් ප‍්‍රජාවගේ දැකිය නොහැකි බවත් රටට අවශ්‍ය, ශ‍්‍රි ලාංකේය අපට අවශ්‍ය, අපිත් එක්ක එකට ආහාර ගන්න ඇස් දෙක දිහා බලාගෙන විවෘතව කතා කළ හැකි මුස්ලිම් ජන සමාජයක්.

ඒ සඳහා වත්මන් අන්තගාමී මුස්ලිම් ප‍්‍රජාව නිර්රැඩිකල් කිරිමේ ඉස්ලාමීය ක‍්‍රමවේදයක් රටේ ඇති කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ සියළු කාර්යයන් ඉස්ලාමීය ජන සමාජය තුළින් ඉටු විය යුතු අතර ඊට සමගාමීව පහත දක්වා ඇති යෝජනා ඉස්ලාමීය ප‍්‍රජාවගේ සහ රජයේ මැදිහත්වීමෙන් වහාම ක‍්‍රියාත්මක කළ යුතු බව ඇමති චම්පික රණවක පෙන්වා දෙයි.

Read more

Local News