ලක් රජය දැන සිටි දේ අගමැති කියයි

Share

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රාජ්‍ය අතර සන්නිවේදනයේ බිඳවැටීමක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News