පොලිස් නිලධාරී මරණයකදී යැපෙන්නන්ට, ආබාධිතයන්ට වැටුප් හා දීමනා

Share

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මැදිහත්වීම මත නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටියදී සිදුවන අනතුරු හේතුවෙන් මියයන නිලධාරීන්ගේ යැපෙන්නන්ට මෙන් සදාකාලික ආබාධ තත්ත්වයට පත් ව විශ්‍රාම ලබා සිටින නිලධාරීන්ට අවුරුදු 55දක්වා වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම ගෙවීම් කටයුතු 2017 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව 1982 අංක 305 අමාත්‍ය මණ්ඩල තීරණ අනුව හිමි සංයුක්ත දීමනාව, යහපත් කල්කිරියා දීමනාව, යහපත් සේවා දීමනාව, දුෂ්කර දීමනාව, ප්‍රථමාධාර දීමනාව ඇතුළු සියලු ම හිමි දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත.

Read more

Local News