අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි – එස්.එම්.මරික්කාර් මහතා

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 (පස්වැනි වෙන් කළ දිනය) අද (15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කර සිටියේ රටේ අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බවයි.

අද මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය බුක්තිවිදිනවා. ඒක ජනතාව දන්නවා. මේ ආණ්ඩුවේ දුර්වලකම් තියෙන්න පුළුවන්, එහෙම කියලා පරණ අය ගේන්න ජනතාව සූදානම් නෑ. ප්‍රායෝගික ආදායම් වියදම් පරතරයක් පෙන්වා තියෙනවා. මේ අයවැය ප්‍රායෝගික ඉලක්ක පදනම් කරගෙන මැතිවරණ ඉලක්ක පදනම් නොකරගත් අයවැයක්.

ජනතාව වෙනුවෙන් සතුටුවිය හැකි අයවැයක්. නාගරික නිවාස සඳහා අපේ ජනතාව ප්‍රතිලාභ ලැබෙනවා. මේ අයවැයේ දී  කසළ ප්‍රතිචක්‍රීකරණයට මුදල් වෙන් කර තිබෙනවා. කසළ ප්‍රතිචක්‍රීකරණය හරහා කොළොන්නාව නිදහස් කරගැනීමට තල්ලුවක් ලැබෙනවා.කොළොන්නාව පළමු නිවාස ව්‍යාපෘතිය හදලා ඉවරයි. මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමට හැකිවීම ගැන සතුටු වෙනවා.

දේශීය කර්මාන්තකරුවන් අප ආරක්ෂා කළ යුතුයි. නැව් සමාගම් ඒකාධිකාරයට ලක් නොවී ලෝකයේ දියුණු සමාගම්වලට දෙන්න හැකිවුණා. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. විශාල ව්‍යාපෘති ගිනි පොළියට ණය අරන් කරන්න බෑ. තරුණ පරම්පරවට ලෝකය දිනාගන්න මුදල් ඇමැතිතුමා ගත් උත්සාහාය අගය කරනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

Read more

Local News