ජාතික තව්හීද් ජමාත් සංවිධානය පටන් ගත් හැටි

Share

සහරාන් මව්ලවි නැමැත්තා විසින් ජාතික තව්හීද් ජමාත් සංවිධානය (NTJ) ‍ 2011 වර්ෂයේදි කාත්තන්කුඩි ප්‍රදේශයේදි බිහි වී ඇති බව යුද හමුදාව පවසයි.

මෙය ඔහුගේ අන්තවාදි දැක්ම මත සිදුවූ අතර 40 – 50ක පමණ කණ්ඩායමක් ඔහු සමඟ එක්ව තිබේ.

2017.03.10 වන දින රවුෆ් මව්ලව්වරයා නැමැත්තාගේ කණ්ඩායම සමඟ ඇතිවූ ගැටුමකින් පසුව මොහු කාත්තන්කුඩි ප්‍රදේශය අතහැර ගොස් පොලීසිය මඟ හරිමින් සැඟව සිටි ඇත.

මේ අතරතුර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නව නායක තවුෆික් මවුලවි විසින් සහ්රාන් මවුලවි තම සංවිධානයෙන් ඉවත් කරන ලද බවට ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු සහ්රාන් මවුලවි විසින් දහරුල් අදර් නැමති සංවිධානය පිහිටුවා ඔහුගේ ඉගැන්වීම්වලට ගැති පිරිස් ඒකරාශී කර ගෙන ඇති බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදි සංවිධාන බිහිවීම, ව්‍යාප්තිය සහ වර්ථමාන තත්වය පිළිබඳව අද(26) වන දින ජනාධිපති නිළ නිවස තුළදි පවත්වන ලද  සාකච්ඡාවේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජන ව්‍යාප්තිය සහ විවිධ නිකායන් පවති.

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානයේ ක්‍රි යාකාරකම් ඇති වීමට බලපෑ හේතූන් කීපයකි.

මුලික වශයෙන් මැදපෙරදිග කලාපය තුළ ISIS සංවිධානයේ ව්‍යාප්තියත් සමඟම එහි බලපෑම(Spill Over Effect) ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව තුළට පිවිසීම දැක්විය හැකියි.

එහිදී ISIS සංවිධානය විසින් කරගෙන යනු ලැබූ සිත් ඇදගන්නා මෙන්ම නොමග යවන සුළු අන්තවාදි ප්‍රචාරණ ක්‍රියාවලිය දැක්විය හැකි බව ද යුද හමුදාව පෙන්වා දෙයි.

සමාජ ජාල මාධ්‍ය හරහා මුස්ලිම් තරුණ කොටස් සම්බන්ධ වීම හා එහි වර්ධනය තුළින් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනකොටස් නිකායන්වලට බෙදිම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර සුළු වශයෙන් ඇති වූ ආරවුල් පෙන්වා දිය හැකි බව ද යුද හමුදාව කරුණු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානය වර්ධනය වීමේ දී  2015 ජූලි මස මොහොමඩ් මූෂීන් සහරාස් නිලාම් නැමැති ශ්‍රී ලාංකික ISIS සාමාජිකයා මිය යාම සහ ඒ පිළීබඳව ප්‍රචාරණය වීම දැක්විය හැකියි.

මොහොමඩ් මුහුසින් සර්ෆාස් නිලාමි මොහු 2015 ජූලි මස 11 වන දින ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් මඟින් ජිවිතක‍ෂයට පත්විය.

ඔහුගේ ගර්භ, බිරිඳ, ඇයගේ මව, දරුවන් සයදෙනා සහ පදිංචි ඔහුගේ නැන්දනිය යන අයවළුන් 2015 ජනවාරි මස 15 ​​වන දින සිරියාවට ගොස් ඇති බව ද යුද හමුදාව පෙන්වා දෙයි.

තස්කීර් අහමඩි තාජුඩීන් නොහොත් අබු දුජානා සෙයිලානි මොහු මියගිය නිලාමිගේ බිරිඳගේ දෙවන සහෝදරයා වන අතර ඔහුද ISIS සංවිධානයට බැදී සටන් වැදුණු මොහොතක ගුවන් ප්‍රහාරයක් මඟින් 2017 අගෝස්තු 31 වන දින ජිවිතක‍ෂයට පත් වූ බවද අනාවරණය වී තිබේ.

ඉෂාක් අහමඩි මොහොමඩ් මුහුසීන් නැමැත්තා නිලාමිගේ වැඩිමල් සහෝදරයා වන අතර, නිලාමි සහ ඔහුගේ පවුලේ අයවළුන් සිරියාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල පුද්ගලයාද වෙයි.

2013 අගෝස්තු මස 13 වන දින ඔහුගේ භාර්යාව සහ ළමුන් පස්දෙනෙකු සමඟ ඕමානය වෙත පිටත්ව තුර්කිය හරහා සිරියාවට ගොස් ISIS සංවිධානයට බැදී අධ්‍යාපන අංශයේ රාජකාරී කරනු ලබන බවද යුද හමුදාව පෙන්වා දෙයි.

මොහොමඩ් සුහෙයිර් අරූස් නොහොත් අබු ආසියා (ඉෂාක්ගේ දුවගේ විවාහක ස්වාමිපුරුෂයා) යන අය ඔහු සමඟ ඕස්ට්‍රේලියාවේ දී අධ්‍යාපනය හැදැරූ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඇති ජමිල් මොහොමඩි අබිදුල් ලතීෆ් යන අයවළුන් සමග සිරියාවට යෑමට සූදානමින් තුර්කිය බලා පිටත් වී තිබුනත් අරූස් පමණක් සිරියාවට ගොස් ISIS සංවිධානයට බැදී එම සංවිධානයේ රෝහලක සේවය කරනු ලබන අතර ජමීල් ශ්‍රී ලංකාවට පැමිණ තවදුරටත් අරූස් සමඟ සම්බන්ධකම් පවත්වන බව ද වාර්තා වෙයි.

තාජුඩීන් මොහොමඩ් තව්සි නිළාමිගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන මොහු තම බිරිඳ සහ එකම දරුවාද සමඟ සිරියාවට පිටත්ව ගොස් ISIS සංවිධානයට බැදී ග්‍රාමාරක‍ෂකයෙකු ලෙස සේවය කරනු ලබන බවට අනාවරණය වී තිබේ.

ජමාතෙයි මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි (JMI) සංවිධාන මැද පෙරදිග ISIS බලපෑම සහ එහි ප්‍රචාරණ කටයුතු වර්ධනය වීම සමඟ ශ්‍රී ලංකාවේ උගත් සහ ධනවත් මුස්ලිම් පවුල්වල තරුණයින් කණ්ඩායම් වශයෙන් සමාජ ජාලා මාධ්‍ය හරහා එකතු වීම සිදුව තිබේ.

(JMI)සංවිධානය 2015 අග භාගයේදි ආරම්භ කරන ලද බව අණාවරණය වී ඇති අතර, මෙම කණ්ඩායම සහ්රාන් මව්ලවි සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද බවටත් ඔහු විසින් මොවුන් අන්තවාදි මතවාදයන් වෙත අභිප්‍රේරණය කරන ලද බවටත් අණාවරණය වී ඇත.

මෙම කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 135 දෙනෙකු දක්වා වර්ධනයවූ අතර ඔවුන් අතරින් ප්‍රචණ්ඩකාරී අන්තවාදි මතවාදය දරන ලද සාමාජිකයන් 39 දෙනෙකු සිටින බවට තහවුරු වී තිබේ.

මින් වසරකට පමණ පෙර අන්තවාදි ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇතිවු මතභේදාත්මක අදහස් මත මෙම කණ්ඩායම කොටස් 2කට බෙදී ගොස් ඇත.

Read more

Local News