කඩවත පොලිස් වසමේ පහල බියන්විල ප්‍රදේශයේ දී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව සිටි මෙම විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(26) දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, වයස අවුරුදු 47 ක් වු කොරියන් ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු අද(27) මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.