ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කරනවා – ගෝඨා

Share

තමන් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියි.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියි.

එසේම බුද්ධි සේවා යළි ගොඩනැඟීමේ වගකීම ද තමන් විසින් බාරගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුව ඉස්ලාමීය සටන්කාමීන් වෙත චෝදනා කරමින් සිටින බවයි.

යුධ සමයේ තමන් විසින් ගොඩනැගූ බුද්ධි ජාලය සහ පුළුල් අධීක්ෂණ පද්ධතීන් වත්මන් ආණ්ඩුව විසින් දුර්වල නොකළේනම් පසුගිය දින දිවයිනේ ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගැනීමේ හැකියාවෙ තිබූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

Read more

Local News