මුල්ලේරියාවේ රිය අනතුරකින් අයෙක් මියයයි

Share

මුල්ලේරියාව, මන්ඩවිල විහාරස්ථානය ඉදිරිපිට දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙක්.

අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News