වර්තමානයේ මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(28) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිළ නිවසේදී පැවැත්වුණි.
ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු යුධ හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක, ජෙනරාල් ජගත් ජයසුරිය, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.




