ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කළ සෞදි, ලාංකිකයන්

Share

පාස්කු ඉරුදින මෙරට සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස සිහිපත් කිරීමට එක්සත් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව සෞදි අරාබියෙන් වාර්තා වේ.

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සතියක් සපිරෙද්දී විදෙස් රටවල් කිහිපයකම එම ප්‍රහාරයට ශෝකය පළකිරීම සිදු කළේය.

සෞදි අරාබියේ රියාද් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒකරාශී වූ ශ්‍රී ලාංකිකයින් ප්‍රහාරවලින් විපතට පත්වූවන් වෙනුවෙන් මෙලෙස සිය ශෝකය පල කළේය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් සහ එහි කාර්ය මණ්ඩලයේ මාර්ගෝපදේශනය යටතේ මෙය සංවිධානය කර තිබුණි.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 250 කට අධිකයි.

Read more

Local News