මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ ”මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉතිරිකිරිමේ බැංකුව සහ AIA ලංකා රක්ෂණ සමාගමේ අනුග‍්‍රහයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් බැගින් වූ ශිෂ්‍යත්ව 107 ක් මෙහිදී පිරිනැමුණු අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව 10 ක් ප‍්‍රදානය කෙරිණි.

Read more

Local News