ප්‍රහාරයට ගොදුරුවූ ඩෙන්මාර්ක් ධනවතාගේ දරුවන් සිහිකරයි

Share

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ දරුවන් තිදෙනා සිහිකරමින් එරට ජනතාව රැස්ව සිටියේ මෙලෙසිනි.

පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන මේ ආකාරයෙන් ගමන් කරමින් තම ඥාතියාගේ, තම හිතවතාගේ, තම අසල්වැසියාගේ, තම රට වැසියාගේ දරුවන් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණි.

පෝල්සන් සිය දරුවන් සිව්දෙනා සහ බිරිඳ සමග කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ උදෑසන ආහාරය ගනිමින් සිට අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු විය.

පෝල්සන් බ්‍රිතාන්‍යයේ දෙවැනි විශාලතම පෞද්ගලික ඉඩම් හිමියාද වන අතර, ඔහුට ස්කොට්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් 1%කට වැඩි ප්‍රමාණයක් අයත් බවද සඳහන් වෙයි.

Read more

Local News