කිලිනොච්චියේ පාළු නිවසකින් ජීව උණ්ඩ තොගයක්

Share

කිලිනොච්චිය, කනකාම්භියේ කුලම් ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන කිහිපයක්, කැමරාවක් සහ ජීව උණ්ඩ තොගයක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයාගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ පළු නිවස අද(29) අළුයම පරීක්ෂා කිරීමේදී  මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට යකඩ බඩු අලෙවිකරන ව්‍යාපාරිකයෙන් පදිංචිව සිට ඇති බවයි.

මෙම නිවසේ රැඳි සිටි පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News