නව විගණකාධිපති හා කථානායක අතර හමුවක්

Share

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉතාමත්ම සක්‍රීය වූ පසුගිය වසර 4 තුළ විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ද ශක්තිමත් සබඳතාවයක් ගොඩනැඟුණ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

මෙම තත්ත්වය තුළ නාස්තිය සහ දූෂණය පිටුදැකිම සඳහා වැදගත් මාවතකට අවතීර්ණ විමට හැකි වූ බවද ඒ සඳහා දායකත්වය ලබා දුන් හිටපු විගණකාධිපතිවරයාගේ සේවය අගය කරන අතරම නව විගණකා‍ධිපතිවරයා කෙරෙහිද විශාල බලාපොරොත්තුවක් තබන බව කථානායකවරයා පැවසීය.

කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ ක‍ළේ අද(29) නව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා කථානායකවරයා ඉදිරියේ දිව්රුම් දුන් අවස්ථාවේදීය.

මෙහිදී නව විගණකාධිපතිවරයා සඳහන් කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දශක තුනක සේවයෙන්  පියවරෙන් පියවර විගණකාධිපති ධූරය දක්වා පැමිණිමට තමාට හැකි වීම පිළිබඳව සතුටට පත්වන බවය.

රටේ උත්තරීතර විගණන ආයතනය තව දුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට සහය වන  බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මට්ටමේ නව ක්‍රමවේද භාවිතයට ගනිමින් නිලධාරීන් පුහුණු කිරීමට පරිගණක තාක්ෂණය යොදා ගැනීම ශක්තිමත් කරමින් කාර්යය සාධනය ඉහළ නැංවීමටත් තමත් අපේක්ෂා කරන බව නව විගණකාධිපතිවරයා සදහන් කළේය.

Read more

Local News