ආතතිය වැඩි මිනිසුන් සිටින රටවල් අතර ලංකා ඉදිරියට

Share

ලෝකයේ දැඩි ආතතියකින් පෙළෙන මිනිසුන් සිටින රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව 6 වැනි තැනට පත්ව ඇති අතර, ග්‍රීසිය ඉදිරියෙන්ම පසුවෙයි.

ලොව පුරා මිනිසුන්ගේ චිත්තවේග පිළිබඳ සලකා බැලෙන ගෝල්අප් වාර්තාවේ මෙම දත්ත අනාවරණය කරයි. මෙය රටවල් 140ක, පුද්ගලයන් 150,000කට වැඩි පිරිසක් සමග සාකච්ඡා කරමින් සැකසූ වාර්තාවකි.

මෙම වාර්තාව මගින් ලොව පුරා මිනිසුන්ගේ තරහා, ආතතිය සහ කණස්සල්ල ආදී චිත්තවේග සම්බන්ධයෙන් සමීක්ෂණයට භාජනය කර ඇත.

ඒ අනුව, ග්‍රීසියේ 59%ක ජනතාවක් ආතතියෙන් පෙළෙන බවත්, ශ්‍රී ලංකාවේ සියයට 55%ක ජනතාවක් ආතතියෙන් පෙළෙන බවත් අනාවරණය වෙයි.

ශ්‍රී ලංකාවට ඉහළින් ඉරානය, ඇල්බේනියාව, ටැන්සානියාව, පිලිපීනය සහ ග්‍රීසිය ආදී රාජ්‍යයන් වෙයි.

එමෙන්ම, මෙම වාර්තාවට අනුව දවසේ එදිනෙදා කටයුතු වලදී වඩාත් ධනාත්මක චිත්තවේග සහිත ජනතාවක් ජීවත් වන රාජ්‍යයන් ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්ය. එයින්ද, පැරගුවේ රාජ්‍ය ඉදිරියෙන්ම සිටින අතර, පැනමා, මෙක්සිකෝ, එල් සැල්වදෝර් ආදී රාජ්‍යයන් ඉන් පසුව පෙළ ගැසෙයි.

මීට අමතරව, සෘණාත්මක චිත්තවේග සහිත ජනතාවක් ජීවත් වන රාජ්‍යයන් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ චාද් රාජ්‍යයයි. ඊට අමතරව, නයිගර්, සියෙරා ලියෝන්, ඉරාකය සහ ඉරානය ආදී රාජ්‍යයන් පෙළ ගැසෙයි.

Read more

Local News