සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට ආ යතුරුපැදියක් තිහාරියෙන් හමුවෙයි

Share

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලද බුද්ධි තොරතුරක් අනුව නිට්ටඹුව විශේෂ පොලිස් ඒකකය විසින් සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

ඊයේ(28) පස්වරුවේ තිහාරිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නිවසක් තුළ රහසිගතව සඟවාගෙන තිබූ යතුරුපැදියක් සොයා ගෙන ඇත.

එමෙන්ම නිවසේ අධි ශීතකරණයේ තිබී එම යතුරුපැදියට අදාළ අංක තහඩු කැබලි කර තිබියදී හමු වී තිබේ.

මෙම යතුරුපැදිය පසුගියදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ‍පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Read more

Local News