NTJ කොළඹ දිස්ත්‍රික් නායකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර

Share

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා පැය 72 ක  කාලයක් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය.

කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට පමුණුවනු ලැබුවේය.

මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ඉදිරි පැය 72ක කාලයක් සඳහා ඔහු පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයකු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇතැයි ද පොලීසිය දන්වා තිබෙන බව වාර්තා වෙයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු පොලිසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

Read more

Local News