ලංකාවේ ප‍්‍රහාරය නිසා ඉන්දියාවේත් අයි එස් මෙහෙයුම් දැඩි කරයි

Share

අයි එස් ත‍්‍රස්ත සාමාජිකයින් සොයා ඉන්දියාවේ සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කේරළ ප‍්‍රාන්තයේ ඊයේ දිනයේ ද මෙම මෙහෙයුම් සිදු කර ඇති බවයි.

එහි සිදු කළ නිවාස පරීක්ෂාවකදී අරාබි බසින් ලියන ලද ලේඛන සහ අයි එස් සංවිධානයට සම්බන්ධ DVD තැටි ද සොයාගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ශ‍්‍රී ලංකාවේ සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

අයි එස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ඉන්දියාවේ සිදු කරන මෙහෙයුම් දැඩි කිරීමට හේතු වුයේ ශ‍්‍රී ලංකාවේ ඉකුත්දා සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයයි.

Read more

Local News