මුස්ලිම් කතුන් 22කුගේ හැදුනුම්පත් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

Share

විවිධ ප්‍රදේශවල  පදිංචි,මුස්ලිම් කාන්තාවන් 22 කගෙ,ජාතික හැදුනුම්පත් තමා සන්තකයේ තබා ගෙන සිටි,පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28)  දින, කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 50 ක් වන මුස්ලිම් ජාතික විවාහකයෙකි.

මෙම පුද්ගලයා,පුත්තලම මනල්ගුංඩු ප්‍රදේශයේ පදංචි කරුවෙකු බවත්,මීට මාස හතරකට ඉහත,සිය දරු පවුලද සමගින්, මෙම නිවසේ  පදිංචියට පැමිණ ඇතැයි, ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා මෙහි පදිංචියට පැමිණි හේතුව, නිශ්චිතවම පැවසීමට අපොහොසත් වූ බැව්,පරීක්ෂණ පවත්වන කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරච්චී මහතා පවසයි.

එසේම,  සිය රැකියාව හෝ මෙම මුස්ලිම් ජාතික කාන්තා හැදුනුම්පත් එක් රැස් කිරීමේ හේතුව ද නිශ්චිතව පැවසීමට ඔහු අපොහොසත් වී ඇත.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.

Read more

Local News