සහජීවනය ගොඩනන්නේ මෙහෙමයි

Share

ආගම්වාදය මත ක්‍රියාත්මක වන දේවල් ඉවත් කිරීම තුළින් සහජීවනය ගොඩනැගිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බුර්කාව ඉවත් කිරීමේ තීරණයට මුස්ලිම් කාන්තාවන් ද දැඩි කැමැත්තක් දක්වනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.

“පල්ලිවල යාඥා කිරීම, බුර්කාව, අන්තවාදී ඉගැන්වීම් මේ නිසා තහනම් කළ යුතුයි. අන්තවාදී ක්‍රියාවලට එරෙහිව කථා කළ මුස්ලිම් පූජකතුමෙකුගේ කට කපලා තියෙනවා.

අන්තවාදීන් සමග ඉන්න බෑ කියල පෙළපාලි ගියේ ඒ ගම්වල මුස්ලිම් ජනතාවයි.ඒකෙන් පැහැදිලි වන්නේ සමස්ථ මුස්ලිම් ජනතාවට අන්තවාදීන්ට විරුද්ධයි කියන එකයි.

බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්ම නිසා ත්‍රස්තවාදය හිස ඔසවලා කියලා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා. එහෙත් කිව යුත්තේ මේ ටිකයි.

නේවි එකේ එකලොස් දෙනෙකු හිරේ දමා ඇත්තේ දමිළ, මුස්ලිම්, සිංහල ව්‍යාපාරිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගන්න උත්සාහ කිරීම නිසාත්, තවත් අට දෙනෙකු රිමාන්ඩ් කර තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම නිසාත්ය.

ත්‍රස්ත සංවිධානය පෝෂණය කළේ අද විපක්ෂයේ සිටින ප්‍රබලයෙකු බව අසාද් සාලි මහත්තයා පැහැදිලිව කියනවා.

ටාජ් සමුද්‍ර හෝටලේට බෝම්බ තියන්න බැරිවීම නිසා මරාගෙන මැරෙන බෝම්බ කරු දෙහිවල හෝටලේට ගිහින් තිබ්බා. ඒවගේම ෂැංග්‍රිලා හෝටලේට තිබ්බා.“

Read more

Local News