බදියුදීන්ගේ ලේකම් අත්අඩංගුවට අරගෙන නෑ

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පුපුරණ ද්‍රව්‍ය සමඟ මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව නිවේදනය කළේය.

අද (30) උදෑසන පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී ඩෙටනේටර් 10 ක් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පැවසෙන අබ්දුල් හනුත් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ සදහන් කරයි.

ආරක්ෂක අංශ පාලවිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුට අයත් බව පැවසෙන කඩ කාමරයක තිබී මෙම ඩෙටනේටර් තොගය සොයාගෙන ඇති බව සඳහන් වේ.

මෙහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ තිබී බැංකු පොතක් ද සොයාගෙන ඇති අතර එහි රුපියල් කෝටි 10 ක මුදලක් සටහන්ව තිබූ බව ආරක්ෂක අංශ පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අඩම්පන් පොලිසියට භාරදුන් බව ආරක්ෂක අංශ සදහන් කළේය.

Read more

Local News