මොසැම්බික් නිසා මියගිය ගණන 38ක් දක්වා ඉහළට

Share

මොසැම්බික් රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු හේතුවෙන් මියගිය ගණන 38 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විපතට පත් ප්‍රදේශ වෙත සහන සේවකයන්ට ලඟාවීම ඉතා අසීරු බවෙ එරට වාර්තා සඳහන් කරයි.

කෙනත් සුළි කුණාටුව ඉකුත් සතියේදී පැයට කිලෝමීටර් 220ක වේගයෙන් මොසැම්බික් රාජ්‍යයට ඇතුල් වුණි.

එහි බලපෑමෙන් දැඩි වර්ෂාපතනයක්ද වාර්තාවූ අතර ඒ සමග ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

ගංවතුර සහ සැඩ සුලඟින් නිවාස දහස් ගණනක් මුළුමණින්ම විනාශවී තිබේ.

එමෙන්ම රථ වාහන, මහාමාර්ග ඇතුළු තවත් දේපළ රැසකටද දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

දැඩි වර්ෂාව හේතුවන් ගංගාවල ඉවුරු බිඳීයාමේ අවදානමක්ද මතුව තිබේ.

ප්‍රබල සුළි කුණාටුවක් ලෙස සැලකෙන කෙනත් සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගණන හත් ලක්ෂයකට අධිකයි.

කුණාටුව එරටට ඇතුල්වී මේ වන විට දින පහක් පමණ ගතවී තිබුණද තවමත් වර්ෂාවේ අඩුවක් දක්නට නොලැබෙන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් සහන සේවකයන්ට විපතට පත් ප්‍රදේශ වලට ලඟා වීම අතිශය දුෂ්කර වී ඇතැයි සඳහන්ය.

සති කිහිපයක් ඇතුළත මොසැම්බික් රාජ්‍යයට බලපෑම් එල්ල කළ දෙවන සුළි කුණාටුව මෙයයි.

මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සේවා සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකානු ඩොලර් මිලියන 13ක ආධාර මුදලක් ලබාදීමටත් පියවර ගෙන තිබුණි.

Read more

Local News