තුර්කි ත්‍රස්තවාදීන් 50ක් ලංකාවේ ?

Share

තුර්කි ත්‍රස්තවාදීන් පනස් දෙනෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පිළිගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා ඊයේ(30) පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවත් දැන් බියෙන් ඉන්නේ. මූලධර්මවාදය අන්තවාදය ප‍්‍රතික්ෂේප කරලා මුස්ලිම් තරුණයන්ට සැබෑ ඉස්ලාම් ආගම කියාදීම පූජකවරුන්ගේ වගකීමක්.දැන් කෙරි ගෙන පරික්ෂණ ගැන කාදිනල්වරයාගේ විශ්වාසය නැති වෙලා තියෙන්නේ. දින 72ක් රදවලා ප‍්‍රශ්න ඇහුවට මේ ප‍්‍රශ්නය විසදෙන්නේ නැහැ.

පාසල් විවෘත කරන්න හැදුවට නිසි ආරක්ෂක පියවරක් නැහැ. විහාරස්ථාවල ආර්ක්ෂාවට මොකක්ද කරලා තියෙන්නේ. ආගම් නායකයින්ගේ රැස්වීමේදී රටේ මේ මතය ඇති කරන්න කිව්වාද?

අපි කාදිනල්තුමාට ස්තූතිවන්න වෙනවා කතෝලිකයින්ගේ මනස නිවෙන ආකාරයෙන් කටයුතු කිරීම ගැන. නැත්නම් රට ලේ විලක් වෙනවා. දැන් හෝටල් වැහී ගෙන යනවා. ව්‍යාපාරිකයින් ගැන හොයා බලන්නේ නැහැ. සුනාමිය වෙලාවේ, ගංවතුර වෙලාවේ අපි ව්‍යාපාරිකයින්ට උදව් කලා. සේවා අංශය අපනයන අංශය කඩා වැටිලා.

මේ විදියට යද්දි ඉදිරියේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවිම ප‍්‍රශ්නයක්. නැවත කළඹලයක් ඇති නොවන විදියේ වැඩපිළීවෙලක් අපිට පේනවා. දැන් ආන්ඩුව ගෙදර යන්න. ඉස්සර බෝම්බයක් පුපුරපු අවස්ථාවේ කි‍්‍රයාකරන ආකාරයෙන් ජනතාවට විශ්වාසයක් ඇති වුනා. හමුදාව කි‍්‍රයාකරන ආකාරය ගැන මිසක් රජය ගැන ජනතාවට විශ්වාසයක් නැහැ.

පූජනිය ස්ථීනවලට තර්ජනයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවා. දළදා මාලිගාව ඉස්සරහා පාර ඇරලා දැම්මා. චැතම් විදීයේ කි‍්‍රංස්බරි එක ඉස්සරහ පාර ඇරියේ පොලිස් ඇමැතිවරයා ඇවිත් ඒවාට පයින් ගහලා. අද ආයෙත් බැරියර් දාලා. මේ ඇමැතිවරු අවුරුදු 30 යුද්ධයෙන් පස්සේ ඇති කරපු ආරක්ෂාව නැති කරපු එකයි කලේ.“

Read more

Local News