පුල්මුඩේදී ඩෙටනේටර් 89ක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේදී ඩෙටනේටර් 89 ක්, සේවා නූල් 32 ක්, වෝටර් ජෙල් ටියුබ් 08 ක්, ඩෙටනේටර් චාර්ජර් 02 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් අද(02) උදැසන අත්අඩංගුවට ගත් බව වන්නි යුද හමුදා නිලධාරීන් පවසයි.

යුද හමුදා නිලධාරීන් පැවසූවේ පොලීසිය හා යුධ හමුදා නිලධාරීන් එක්ව ‍සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුල්මුඩේ  ප්‍රදේශයේ නිවසක සඟවා තිබු අදාළ උපකරණ සොයාගත් බවයි.

පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් හා වයස අවුරදු 50ක පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව යුධ හමුදා නිලධාරීන් පැවසීය.

යුද හමුදා නිලධාරීන් පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පුල්මුඩේ රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතියෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුල්මුඩේ පොලීසියට ඉඳිරිපත් කිරී‍මට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News