පාසලකට අනවසරයෙන් ඇතුළු වු විදෙස් මාධ්‍යවේදියා රිමාන්ඩ්

Share

කටාන පොලිස් වසමේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වු විදෙස් මාධ්‍යවේදීයෙක් වන සිද්ධික් අහමඩ් ඩැනිස් (Sibdiqui Ahmad Danish) මැයි 15වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබේ.

අද දින දහවල් 12.30 ට පමණ කටාන පොලිස් වසමේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වු මෙම විදෙස් මාධ්‍යවේදියා 119 දුරකථන අංකයට ලැබුණු ඇමතුමක් අනුව කටාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාක ජාතිකයෙක් වෙන සිද්ධික් අහමඩ් ඩැනිස් (Sibdiqui Ahmad Danish) විදෙස් මාධ්‍ය ආයතනයක ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඉන්දියාවේ සිට ‍අදාළ මාධ්‍ය ආයතනය‍ වෙනුවෙන් මොහු දිවයිනට පැමිණ තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 වන දින කටුවපිටිය දේවස්ථානයේ සිද වු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය මාරිස්ටෙලා විදුහලේ සිසුවෙකුගේ විස්තර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ විදුහලේ සිටි දෙමාපියන් විසින් මෙලෙස 119 හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වු කටාන පොලීසියේ නිලධාරීන් මෙම විදෙස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News