ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක ආ යුතුයි

Share

රටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අමතරව ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂ නායකවරයා ද සහභාගි විය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(02) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ජාතික මඟ නමැති මේ ආයතනය කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි. මැතිවරණ තරඟ කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මේ රට ඉතාමත්ම අඳුරු අවස්ථාවකට පත්ව තිබෙන මේ අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව ඒ වගේම සියළුම සමාජ කණ්ඩායම් එකට එකතු කරගෙන මේ අර්බුදය අප විසින් ජයගත යුතුයි කියන හැඟිමෙන්.

වෘත්තීයවේදී පිරිස් ඒ වගේම  පසුගිය කාලය පුරාම මේ පිළිබඳව සංවාදශීලි වූ පිරිස් ආරක්‍ෂක අංශවල නීති ක්‍ෂෙත‍්‍රවල ඒ වගේම සමාජ කි‍්‍රයාකාරී ක්‍ෂෙත‍්‍රවල හිටපු සෑම ජන කණ්ඩායමකට අයිති පිරිස් අපි මේ වේදිකාවට ආරාධනා කර තිබෙනවා ඉදිරිය බලා යන්න.

විශේෂයෙන්ම අපේ ඉල්ලීම දේශපාලන බේදයෙන් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මේ සියළුම දෙනා එක වේදිකාවක, එක ආයතනයකට ඉඳගෙන ජාතික ආරක්‍ෂක මණ්ඩලයට ගිහිල්ලා එක ප‍්‍රතිපත්තියක හිඳගෙන මේ කි‍්‍රයාදාමයට සම්බන්ධ විය යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ.

එතනදී අපේ පක්ෂය හෝ අපේ ආණ්ඩුවේ කි‍්‍රයාදාමයේ ප‍්‍රතිපත්ති අපි ගාව තියා ගන්න අතරේ අපි ඒ සියල්ලට ඉහළින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණයේදී ඒ ප‍්‍රතිවිරුද්ධ අදහස් දරණ ආණ්ඩුවේ නොවන අය මේ ප‍්‍රශ්නයට වැඩකරන්න සූදානම් බව ප‍්‍රකාශ කරමින් තමයි අපි මේ ආයතනයට එකතු වෙන්නේ.“

Read more

Local News