බස්නාහිර කතෝලික පාසල් දැනුම් දෙන තුරු විවෘත කරන්න එපා

Share

බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා යළි දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත.

දෙවන පාසල් වාරය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය එදින ආරම්භ නොකරන ලෙස කාදිනල් හිමිපාණන් දැනුම් දී ඇත.

මේ අතර ආරක්ෂක හේතූන් මත බස්නාහිර පළාතේ සියළු කතෝලික දේවස්ථානවල ඉරුදින දේව මෙහෙයන් එළඹෙන ඉරිදා දිනයේද නොපවත්වන ලෙස ද කාදිනල් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් මත නතර කිරීමට පියවර ගෙන තිබුණි.

Read more

Local News