NTJ ක්‍රියාකාරීන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

Share

බුද්ධි තොරතුරකට අනුව කොටහේන පොලිස් වසම තුළ පිහිටි මහල් නිවාසයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී ඇත.

කොටහේන පොලීසිය බාරයේ සිටි මොහොමඩ් ස්මයිල් සහ මොහොමඩ් අලියාර් මොහොමඩ් නියාස් යන සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් ඇත්තේ සැකකරුවන් රැඳී සිටි නිවසේ තිබී ඉස්ලාමීය අන්තවාදී අදහස් අඩංගු ලිපි ද්‍රව්‍ය,ය සී .ඩී. පට, දුරකථන උපාංග සහ ලැප්ටොප් දුරකථන ආදිය අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් කාත්තන්කුඩි ප්‍රාදේශය් පදිංචි කරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති හෙයින් සැකකරුවන් පොලීසිය බාරයේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන මෙන් කොටහේන පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරුවන්  දින 90ක කාලයක් පොලීසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

Read more

Local News