NTJ මධ්‍යම පළාත් ප්‍රධානියෙක් ISIS හඬ පටයක් සමග අත්අඩංගුවට

Share

තවුහීද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ හක් සහෝදරයන් දෙදෙනා සැඟව සිටි ගම්පොළ පාවහන් වෙළෙඳ සැල හිමි ඔවුන්ගේ මාමා වන අබ්දුල් ජබාර් නැමැත්තාගේ නිවස අසල කුලියට පදිංචිව සිටි තවත් ප්‍රධාන සැකකරුවකු එම සංවිධානයට අයත් යැයි සැක කෙරෙන රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන, අඩංගු ලැප්ටොප් එකක්, දුරකථන ඇතුළු විවිධ දෑ විශාල සංඛ්‍යාවක් සමග ගම්පොළ පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු ළඟ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්ද යුද හමුදා කැලෑ ඇඳුම් හැඳ පිස්තෝලයක් අතේ තබා ගනිමින් ගත් ඡායාරූප දෙකක්ද සොයාගෙන ඇති අතර, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සියලු සාමාජිකයන්ට ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් දෙන ලද හඬ පටයක්ද තිබී සොයාගෙන ඇත.

කාන්තාවක විසින් මෙම හඬ පටයේ උපදෙස් දෙන අයුරු සටහන්ව ඇති අතර ඒ තුළින් අයි.එස්. සංවිධානයේ භයානකකම හා ඔවුන් මගහැර සිටිය නොහැකි බවත්, ප්‍රකාශ වන අතර එම සංවිධානය ඉස්මතු වන ආකාරයට මෙම හඬපටය සකස් කර  තිබේ.

2017 වසරේ සිට මෙම සංවිධානයට අයත් යැයි සැක කරන මුදල් ගනුදෙනු සටහන් හා බැංකු කුවිතාන්සි රැසක් සොයා ගෙන ඇත. මෙහි විවිධ පුද්ගලයන් මේ සඳහා රුපියල් ලක්ෂ ගණනින් ආධාර මුදල් ලබාදී ඇති අතර එවැනි සටහන් 200ක් පමණ මෙහි ඇතුළත් වෙයි. එසේම විවිධ පුද්ගලයන‍්ට මුදල් බැරකළ බැංකු කුවිතාන්ති 25ක්ද සොයාගෙන ඇති අතර ඒවා මෙම සංවිධානයේ සාමාජිකයන් හට ලබාදී අතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක කරයි.

තවුහීද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පසුගිය කාලවලදී මාධ්‍ය මගින් ප්‍රකාශිත සෑම වීඩියෝවක්ම සොයාගත් පරිගණකයේ හා ජංගම දුරකථනයේ පටිගතකොට තිබූ අතර සිදූ වූ ප්‍රහාර සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති වෙනම මෙහි ගබඩා කොට තිබී හමුවී ඇත.

මෙම පරිගණකය හා ජංගම දුරකථනය පරීක්ෂා කරන්නවුන් නොමග යැවීම සඳහා මුලින් මෙහි අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කර තිබෙන අතර ඉන්පසු සඟවා තරබන ලද ෆයිල්වල මෙම සංවිධානයේ තොරතුරු සටහන් කර  තිබී ඇත.

සාදික් අබ්දුල් හක් සහ සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනො පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අනුරාධපුර ප්‍ර‘දේශයේ සැඟව සිට පසුව තෙරුවන් සරණයි යනුවෙන් ගැසූ වෑන් රථයකින් සිංහල නම් සහිත හැඳුනුම්පත්ද උපයෝගී කරගෙන ගම්පොළට පැමිණ මොවුන්ගේ මවගේ මල්ලී වන අබ්දුල් ජබාර් යන මාමාගේ පාවහන් වෙළෙඳ සැලේ දෙවැනි මහලේ සැඟව සිට ඇත.

දැනට අවනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම වෙළෙඳ සැල මිලදී ගෙන ඇත්තේ සාහිඩ් අබ්දුල්හක් නැමැති බෝම්බකරුවායි. ඒ සඳහා මොහු එකවර රුපියල් ලක්ෂ 65ක් ගෙවා ඇති බවද පරීක්ෂණවලදී හෙලි වී ඇත.

මොවුන්ගේ මාමා මෙහි පාවහන් හා බෑග් ඇතුළු විවිධ දෑ අඩංගු වෙළෙඳ සැලක් පවත්වාගෙන යනු ලබන අතර, එම භාණ්ඩද මෙම සංවිධානයේ මුදල් මගින් මිලදී ගන්නට ඇතැයි සැක කරන අතර මෙහි විශාල භාණ්ඩ තොගයක් පුරවා තැබීම අබ්දුල් ජබාර්ට තනිව කළ නොහැකි බවටද සැක කෙරේ.

මෙම වෙළෙඳ සැලේ තිබී මෙම සංවිධානයට අයත් තවත් මෙවැනිම වීඩියෝපට හා විවිධ ඡායාරූප ලියකියවිලි හා සහරාන්ගේ දේශනා ඇතුළත් වීඩියෝ අඩංගු දත්ත ගබඩා චිපයක්ද සොයා ගනු ලැබීය.

එමෙන්ම මෙහි තෙවැනි මහලේදී මෙම සංවිධානයට අයත් වටිනා ලියවිලි හා වීඩියෝ දර්ශන, ගිනි තබා විනාශ කර තිබියදී ගම්පොළ කොට්ඨාශ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

පාවහන් වෙළෙඳ සැල පවත්වාගෙන ගිය අබ්දුල් ජබාර්ගේ ගම්පොළ සාලියාකල පන්සල අසල නිවස තුළ ඉහළ මාලය මෙම සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා සාදික් හා සාහිඩ් මුල් වී ඇති බව හෙළි වී ඇත.

ඊයේ (02දා) දින අත්අඩංගුවට ගත් අබ්දුල් සක්කාර් මොහොමඩ් අස්මිල් නැමැති සැකකරුද මාවනැල්ල, හෙම්මාතගම ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු වන අතර හතළිස් හැවිරිදි ඔහු විවාහකයෙකි.

සාහිඩ් හා සාදින්ද මාවනැල්ල ප්‍ර‘දේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන්ගේ මව නාවලපිටිය ප්‍ර‘දේශයේ පදිංචිකරුවන්ය. මොවුන්ගේ මාමා ගම්පොළ ප්‍ර‘දේශයේ පදිංචි අතර මොහුගේ ගම්පොළ නිවස මුල්කරගනිමින් මෙම සංවිධානයේ කටයුතු කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා හක් සහෝදරයෙකුට ගුරු තනතුරක්දී ඒ අසල ප්‍රධාන මුස්ලිම් විද්‍යාලයක්ද මොවුන්ට අනුබල දී ඇති බව අනාවරණය වී ඇත.

Read more

Local News